10 - මහා කච්චාන මහරහතන් වහන්සේ

 

 10 - මහා කච්චාන මහරහතන් වහන්සේ

A painting of two men

Description automatically generated

 

 

A close-up of a text

Description automatically generated

A close-up of a letter

Description automatically generated

A close-up of a text

Description automatically generated

A close-up of a text

Description automatically generated

A close-up of a text

Description automatically generated

 

 

 

 

 

 

 

10 මහා කච්චාන මහරහතන් වහන්සේ

 

26. එකල්හි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ ‘ඇවැත්නි මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි එ මහණහු ආයුෂ්මත් මහා කාත්‍යායන තෙරුන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ තෙල කීහ.

ඇවැත්නි, ආශ්චර්‍ය්‍යය, ඇවැත්නි, අද්භූතය ... සුභාෂිතයෙක්මය. සියල්ල දන්නා, සියල්ල දක්නා, අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝකපරිදේවයන් ඉක්මවනු පිණිස, දුක් දොම්නස් අස්තයට යවනු පිණිස, (මාර්‍ග සඞ්ඛ්‍යාත) න්‍යායයාගේ අධිගමය පිණිස, නිර්‍වාණය සාක්‍ෂාත් කරණු පිණිස (පඤ්චකාමගුණ සඞ්ඛ්‍යාත) සම්බාධයෙහි (ෂඩ් අනුස්මෘති නම් වූ) අවකාශාධිගමය අවබෝධ කරණ ලදි. කවර සයෙක යත්:

(1) ඇවැත්නි, මෙ සස්නෙහි අරීසවු “මෙ මෙකරුණෙනුදු එ භගවත්හු (අර්‍හත්හු) ... දේවමනුෂ්‍යනට ශාස්තෘහ. බුද්ධයහ, භගවත්හ”යි තථාගතයන් වහන්සේ සිහිකෙරෙයි. ඇවැත්නි, යම් කලෙක්හි අරීසවු තථාගතයන් සිහි කෙරේ ද, එකල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වන්නේ ය. එකල්හි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්තවූයේ නැගී සිටියේ ඍජුගත ම වන්නේ ය. ඇවැත්නි ‘ගේධ’ යන තෙල ශබ්දය පඤ්චකාම ගුණයනට නමෙකි. ඇවැත්නි, එ අරිසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සම වූ විපුල වූ මහත් භාවයට ගිය (ස්ඵරණවශයෙන්) අප්‍රමාණ වූ වෛර රහිත වූ (ක්‍රෝධදුඃඛ සඞ්ඛ්‍යාත) ව්‍යාබාධයෙන් තොරවූ චිත්තයෙන් වාස කරන්නේ ය. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙ සෙයින් මෙ ලෙව්හි ඇතැම් සත්ත්‍වයෝ විශුද්ධ ස්වභාව ඇතියාහු වෙත්.

(2) තවද ඇවැත්නි, යම් කලෙක අරීසවු “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාක්ඛ්‍යාතය ... විඥයන් විසින් සිය සතන්හි එළවා දතයුතුය”යි ධර්‍මය සිහිකරන්නේ ය. ඇවැත්නි, යම් කලෙක අරීසවු ධර්‍මය සිහිකෙරේ නම්, එකල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වේ. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එකල්හි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්තවූයේ ව්‍යුත්‍ථිත වූයේ ඍජුගත ම වෙයි. ඇවැත්නි, ‘ගේධ’ යන තෙල ශබ්දය පඤ්චකාම ගුණයනට නමෙකි. ඇවැත්නි, එ අරීසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සමවූ විපුල වූ මහද්ගත වූ අවෛර වූ ව්‍යාබාධ (දුක්) රහිත වූ චිත්තයෙන් වාස කරන්නේ ය. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙ සෙයින් මෙලෙව්හි ඇතැම් සත්හු විශුද්ධ ස්වභාව ඇති වෙත්.

(3) තවද ඇවැත්නි, ආර්‍ය්‍ය ශ්‍රාවක “භාග්‍යවත්හු ගේ ශ්‍රාවකසඞ්ඝ සුපිළිපන් වෙයි ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය”යි සඞ්ඝයා සිහිකරයි. ඇවැත්නි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක සඞ්ඝයා සිහිකෙරේ ද, එකල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එකල්හි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ ව්‍යුත්‍ථිත වූයේ ඍජුගත ම වෙයි. ඇවැත්නි, ‘ගේධ’ යන තෙල පස්කම් ගුණයනට නමෙකි. ඇවැත්නි, එ මැ අරීසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සමවූ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ (දුක් නැති) චිත්තයෙන් වෙසෙයි. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙ සෙයින් ඇතැම් සත්ත්‍ව කෙනෙක් විශුද්ධ ස්වභාව ඇති වෙත්.

(4) තවද ඇවැත්නි, අරීසවු අඛණ්ඩ වූ ... සමාධියට වැටෙන තමාගේ ශීලයන් අනුස්මරණය කරයි. ඇවැත්නි, අරීසවු යම් කලෙක තමාගේ ශීලය අනුස්මරණය කෙරේ නම්, එ සමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එසමයෙහි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ ව්‍යුත්‍ථිත වූයේ ඍජුගත ම වෙයි. ඇවැත්නි, ‘ගේධ’ යන තෙල පස්කම් ගුණයනට අධිවචනයෙකි. ඇවැත්නි, එම අරීසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සම වූ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ (නිදුක් වූ) සිතින් වෙසෙයි. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙ සෙයින් මෙ ලෙව්හි ඇතැම් සත්ත්‍වයෝ විශුද්ධ ස්වභාව ඇති වෙත්.

(5) තවද ඇවැත්නි, අරීසවු “ඒකාන්තයෙන් මට ලාභයෙකි. මට ඒකාන්තයෙන් මනාලාභයෙකි ... යදනට නිසියෙම්, දානසංවිභාගයෙහි රතයෙමැ”යි තමාගේ ත්‍යාගය සිහිකෙරෙයි. ඇවැත්නි, යම් කලෙක අරීසවු තමාගේ ත්‍යාගය සිහිකෙරේ නම්, එසමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වෙයි. මෝහ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වෙයි. එ කල්හි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ ව්‍යුත්‍ථිත වූයේ ඍජුගත ම වෙයි. ඇවැත්නි, ‘ගේධ’ යන තෙල ශබ්දය පඤ්චකාම ගුණයනට නමෙකි. ඇවැත්නි, එම අරීසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සම වූ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ සිතින් වෙසෙයි. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙසෙයින් මෙලොව්හි ඇතැම් සත්හු විශුද්ධ ස්වභාව ඇති වෙත්.

(6) තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක “චාතුම්මහාරාජික දෙවියෝ ඇත ... ඔවුනට මත්තෙහි දෙවියෝ ද ඇත. යම්බඳු ශ්‍රද්ධායෙකින් සමන්‍වාගත ඒ දෙවියෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම්, මට ද එබඳු ශ්‍රද්ධා විද්‍යමාන ය. යම්බඳු ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්‍වාගත ඒ දේවතාවෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු ද, මට ද එබඳු ප්‍රඥා ඇතැ”යි දේවතාවන් අනුස්මරණ කරයි. ඇවැත්නි, යම් කලෙක්හි අරීසවු තමාගේත් එ දෙවියන්ගේත් ශ්‍රද්ධා හා ශීල හා ශ්‍රැත හා ත්‍යාග හා ප්‍රඥා හා සිහිකෙරේ නම්, එසමයෙහි ඔහට රාග පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වේ. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වෙයි. එසමයෙහි ඔහුගේ චිත්තය ගේධයෙන් නිෂ්ක්‍රාන්ත වූයේ මුක්ත වූයේ ව්‍යුත්‍ථිත වූයේ ඍජුගත වෙයි. ඇවැත්නි, ‘ගේධ’ යන තෙල පස්කම් ගුණයනට නමෙකි.ඇවැත්නි, එම අරීසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සම විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ චිත්තයෙන් වාසකරයි. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙසෙයින් මෙලොව් හි ඇතැම් සත්හු විශුද්ධ ස්වභාව ඇති වෙත්.

ඇවැත්නි, “ඒ භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවනු පිණිස දුක් දොම්නසුන් අස්තයට යවනු පිණිස, න්‍යායාධිගමය පිණිස, නිර්‍වාණය සාක්‍ෂාත් කරණු පිණිස, සම්බාධයෙහි අවකාශාධිගමයට කරුණු වන අනුස්මෘති ස්ථාන සය අවබෝධ කරණ ලද ය, යන මෙය ආශ්චර්‍ය්‍යයෙක. ඇවැත්නි, අද්භුතයෙක.

Useful Reading:

 

 

Audio / Video Clips:

https://shorturl.at/xQ123

 

 

 

 

 

Comments