06 භද්ධිය මහ රහතන් වහන්සේ භද්ධිය මහ රහතන් වහන්සේ කුලීනයන් අතුරෙන් අග්‍ර වූ මේ හද්දිය ස්ථවිර තෙමේ වනාහි කාලිගොධා නම් ශාක්‍ය රාජ මෙහෙසියගේ පුත්‍රයෙකි. අනුරුද්ධ කුමරු හා පැවිදි වීමට ගිය ශාක්‍ය රාජ කුමාරවරුන් කැටුව ගොස් පැවිදි වී පසුව උසස් කුල ඇත්තන් අතරෙන් අග්‍ර වූ සේක , එහි පිළිවෙල කථාව මෙසේ දත යුත්තේය. කෙසේද යත් ?,, මෙතෙමේ මේ මහා භද්‍ර කල්පයට කල්ප ලක්ෂයකට පෙර ලොව පහල වූ “පදුමුත්තර” නම් බුදුරජාණන් වහන්සේගේ සමයෙහි මහා භෝග කුලක් හි ඉපිද වසන සමයෙහි දිනක් සවස් වේලෙක ගඳ මල් ගත් අත් ඇතිව බණ ඇසීම සඳහා විහාරයට යන්නාවූ උපාසකයන් දැක , “ පින්වත්නි! තෙපි කොහි යන්නාහු දැයි අසා , බණ ඇසීමට යැ”යි කී කල්හි ඔවුන් සමග විහාරයට ගොස් පිරිස් කෙලවර සිට බණ අසන්නේ එදවස ශාස්තෘන් වහන්සේ එක් භික්ෂුවක් කුලීන භික්ෂුන් අතර අග තැන්හි තබනු දැක , “ අනේ! මමද අනාගතයෙහි එක් බුදු කෙනෙකුන්ගේ සසුනෙහි කුලීන භික්ෂුන් අතර අග තැන් ලබන්නේ නම් මැනව” යි සිතා සර්වඥයන් වහන්සේ වෙත එළඹ වැඳ , “ ස්වාමිනි! සෙ...
Comments
Post a Comment